ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Saturday, August 21, 2010

අද අපි බලමු Apple මෙහෙයුම් පද්ධතිය වන Mac OSX Snow Leopard අපේ පරිඝණකයේ ස්ථාපනය කරන අයුරු..

Mac OSX Snow Leopard යනු වින්ඩෝස්, ලිනුක්ස් වගේ මෙහෙයමු පද්ධතියක් වන අතර එය විශේෂයෙන් නිපදවා ඇත්තේ Apple Inc. හි පරිඝණකයන් සඳහා වේ. එම නිසා අප සතු සාමාන්‍ය පරිඝණක වල එය ක්‍රියා කරවීම සඳහා යම් වෙනස්කම් කිහිපයක් කළ යුතු වේ. එම වෙනස්කම් සිදු කරන ලද DVD ඉමේජයක් අන්තර්ජාලයෙන් බාගත කරගත හැකිය. එය DVD තැටියකට Burn කර ගරනීමෙන් පසු එය අප පරිඝණකයේද ස්ථාපනය කර ගත හැකිය. ඒය සිතන තරම් පහසු ක්‍රියාවක් නම් නොවේ. නුදුරු දිනක රූපසටහන් සහිතව එය ඉදිරිපත් කරන්නට සිතා සිටී.

How do I use a custom domain name on my blog? - Blogger Help

How do I use a custom domain name on my blog? - Blogger Help

Thursday, July 1, 2010

Unicode භාවිතයෙන් සිංහලෙන් ලිවීම..

පරිගණකයේ සිංහලෙන් ලියන එක දැන් එතරම් අමාරු දෙයක් නෙමෙයි. වින්ඩෝස් විස්ටා සිට ඉහළට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති, Unicode භාවිතා කරන බැවින්, සිංහල අකරෙන් ඔනෑම අදයක් නම් කිරීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස, ඔබට සිංහලෙන් ෆෝල්ඩරයන් නම් කිරීමට හැකිය. ඔනෑම තැනක සිංහල අකුරු භාවිතා කිරීමට හැකිය.
ඉතින් මෙය ක්‍රියාත්මක කරගැනීමේ ආකාරය විමසා බලමු.
1
මුලින්ම පාලක පුවරුවට (Control Panel) යන්න. ඉන්පසු ඉහත රූපයේ පිරිදි Language And Region මත කොටන්න.

Saturday, June 19, 2010

Hi-Quality Sound ගන්නේ මෙහෙමයි..

ඔබේ පරිඝණකයට කෙතරම් හොඳ සබ්වූෆර් සිස්ටම් එකක් තබුනත්, කෙතරම් හොඳ හෙඩ් ෆෝන් එකක් තිබුණත් ඔබට තවත් හොඳ ශබ්දයක් ගන්න පුලුවන්. ඉතින් මම කියන්න හදන මෘදුකාංගය මඟින් එතරම්ම හොඳ ස්පීකර් පද්ධතියක් තිබුණත් ඉතා හොඳ ශබ්දයක් ගන්න පුළුවන්.

Wednesday, June 16, 2010

Ditto- Clip Board Manager.

කොපි පේස්ට් විධානයන් ඔබ බොහෝ විට පාවිච්චි කරයි. ඉතින් යමක් කොපි කරගත් විට එය තාවකාලිකව මතකයේ රුඳෙන බව ඔබ දන්නවා. නමුත් ඔබ වෙනත් දෙයක් කොපි කළ විට පෙර තිබූ දෙය මතකයෙන් ඉවත් වනවා. අද ඔබට මම මේ පෙන්වන කුඩා වැඩසටහනෙන් (Software) ඔබට ඔනෑ තරම් දේවල් මතකයේ තබාගෙන පසුව ඒවා අලවන්න (paste) පුළුවන්.

Monday, March 8, 2010

බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....

මැතකදී Opera සහ Google Chrome තම වෙබ් බ්‍රව්සර් වල අළුත්ම සංස්කරණ ඉදිරිපත් කරන ලදි. ඔපෙරා තම අළුත්ම සංස්කරණය සමඟ ඔවුන් පවසන පරිදි ලෝකයේ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඔව්න්ගේ බුව්සරයයි. කෙසේ වෙතත් Tomshardware මඟින් පවත්වන ලද තත්ව පරීක්ෂණ මඟින් වේගවත්ම බ්‍රව්සරය පිළිබඳ යම් කිසි අදහසක් අපට ලබා ගත හැකිය. එහි සාරාංශයක් ඉදිරිපත් කරමි.

Friday, March 5, 2010

අන්තර්ජාලය භාවිතයෙන් පින්තූර හැඩ ගැන්වීම.

ඔබ ලබාගත් යම් පින්තූරයක සැකසීමක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඔබට ඒ සඳහා යම් කිසි මෘදුකාංගයක සහය පැතීමට සිදුවේ. ඔබගේ දුරකථනයෙන් ලබාගත් පින්තූරයක් සේවා සථානයේදී Face Book වෙත යැවීමට අවශ්‍ය විය හැක. නමුත් පින්තූරය අඳුරු වැඩි නම් එහි එළිය වැඩි කරගත යුතුය. එවැනි බොහෝ දේ කරගත හැකි වෙබ් වෙයාර් ‍(Web Ware) එකක් ගැන අද ඔබව දැනුවත් කරන්නම්.
මෙහි නම picnik වේ. මෙය මෑතකදී Google සමාගම විසින් ඔවුන් යටතට ගෙන ඇත. ඉදිරියේදී මෙහි බොහෝ වැඩි දියුණු කිරීම් සිදුවනු ඇත.