ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Wednesday, March 3, 2010

වෙනත් මෘදුකාංගයක් භාවිතයෙන් තොරව youtube.com වීඩියෝ බාගත කිරීම.

මෙය බොහෝ දෙනෙක් දන්නා ක්‍රමයක් උවත් තවමත් නොදන්නා අය සඳහා මෙය ඉදිරිපත් කරමි.

1.       මුලින්ම ඔබට අවශ්‍ය වීඩියෝ එක තෝරාගන්න. එවිට එය ධාවනය (Play) වීමට පටන්ගනු ඇත. එවිට ඔබගේ බ්‍රවුසරයේ (E.g. Internet Explorer, Firefox, Chrome, Safari, Opera etc.) වෙබ් ලිපිනය අඩංගු තීරයේ (Address Bar) අඩංගු වෙබ් ලිපිනය සම්පූර්ණයෙන්ම තෝරා (select) කොපිකර ගන්න. (Right click -> copy)

2.       නව ටැබයක් නිර්මාණය කරගන්න. (Create a new tab)

3.       එහි Address Bar එකෙහි keepvid.com ටයිප් කර, Enter කරන්න. එවිට keepvid.com වෙබ් අඩවිය දිස්වේ.


4.       කලින් කොපි කරගත් වෙබ් ලිපිනය රූපයේ පරිදි URL නම් කොටුවේ අලවන්න. (Paste) ඉන්පසු Download බෙත්තම ඔබන්න.


5.       මද වේලාවක් සිටින්න. ඉන්පසු පහත රූපයේ පරිදි ඩවුන්ලෝඩ් යෝමු (Download​ Links) කිහිපයක් දිස්වේ. එවායින් කැමති එකක් ඔබගේ අවශ්‍යතාවය පරිදි තොරාගන්න.
6.    එවිට ඔබගේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කළමනාකරු (Download Manager) මඟින් වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත හැක.

ඉන්පසු තමන් කැමති නාමයක් මඟින් එම ෆයිල් එක රීනේම් (Rename) කරගන්න.
ඔබගේ ගැටලු හා අදහස් පහතින් ඉදිරිපත් කරන්න.

No comments:

Post a Comment