ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Friday, March 5, 2010

අන්තර්ජාලය භාවිතයෙන් පින්තූර හැඩ ගැන්වීම.

ඔබ ලබාගත් යම් පින්තූරයක සැකසීමක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඔබට ඒ සඳහා යම් කිසි මෘදුකාංගයක සහය පැතීමට සිදුවේ. ඔබගේ දුරකථනයෙන් ලබාගත් පින්තූරයක් සේවා සථානයේදී Face Book වෙත යැවීමට අවශ්‍ය විය හැක. නමුත් පින්තූරය අඳුරු වැඩි නම් එහි එළිය වැඩි කරගත යුතුය. එවැනි බොහෝ දේ කරගත හැකි වෙබ් වෙයාර් ‍(Web Ware) එකක් ගැන අද ඔබව දැනුවත් කරන්නම්.
මෙහි නම picnik වේ. මෙය මෑතකදී Google සමාගම විසින් ඔවුන් යටතට ගෙන ඇත. ඉදිරියේදී මෙහි බොහෝ වැඩි දියුණු කිරීම් සිදුවනු ඇත.
Picnic භාවිතා කිරීම සඳහා එහි ලියාපදිංචි වීම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් නොමිලේ ලබාදෙන Account එකක් සඳහා ලියාපදිංචි වීම වැදගත්වේ. එමඟින් ඔබ සකස්කරණ රූප ගබඩා කර තබා ගැනීමට හැකි වනු ඇත. එවිට ඒවා නැවත සකස් කර ගැනීමට ද හැකිවනු ඇත.
1.    ලියාපදිංචි වීම.

a.    රූපයේ පරිදි Getting Started Click කරන්න. ඉන්පසු මඳක් රැඳී සිටින්න.
b.    ඉන්පසු Register Click කිරී‍මෙන් පහත රූපය ලැබේ.

c.    එහි නියමිත තොරතුරු පුරවා Create My Account Click කරන්න.
d.    ඉන්පසු පහත පරිදි ඔබගේ තොරතුරු පුරවන්න.  ඉන්පසු onwards Click කරන්න.

e.    ඉන්පසු ඔබට මෙම සේවාව පාවිච්චි කළ හැකිය.
2.    ප්‍රධාන පුවරුව.

          1.    Library මඟින් ඔබ යවන ලද හා සකස්කරණ ලද පින්තූර බලා ගනීමට හැකිවේ.
          2.    මෙම බොත්තම් දෙකෙන් කැමති බොත්තමක් මඟින් පින්තූර යැවීම ආරම්භ කළ හැකිය.
          3.    ඔබගේ වැඩ අවසන් වූ විට Sign Out මඟින් ආරක්ෂා කාරීලෙස ඉවත් විය හැකිය.
          4.    My Account මඟින් ඔබගේ ගිණුමේ තොරතුරු වෙනස් කළ හැකිය.
          5.    මෙම බොත්තම් මඟින් ඔබගේ රූප කෙළින්ම Twitter හෝ Face Book වෙත යැවිය හැකිය.
3.    Upload බොත්තම මඟින් ඉතා පහසුවෙන් ඔබගේ පින්තූරය යැවීමට හැකිය. ඉන් පසු පහත පරිදි ඔබ යැවූ පින්තූරය දිස්වේ.

4.    ඉහත රූපයේ ඇති Auto fix, Rotate ආදී බොත්තම් මඟින් ඔබගේ රූපයේ පෙනුම සකස් කරගත හැකිය.

5.    ඉන්පසු Create Tab එක Click කරන්න. ඉන්පසු රූපයට අවශ්‍ය හැඩගැන්වීම් එක් කළ හැකිය.

6.    ඔබගේ සියළු වැඩ අවසන් වූ පසු Save & Share Click කරන්න. එහිදී රූපය ඔබට අවශ්‍ය ස්ථානයක රූපය ගබඩා කිරීම හෝ වෙනත් Face Book, My Space හෝ Picasa වැනි ස්ථානයක යැවීමට හැකිවනු ඇත. එසේම පහත රූපවල පරිදි රූපය කුමන ආකාරයකට (jpeg, tiff, bmp etc.) ලබා ගත යුතුද හා රූපයේ ගුණාත්මක භාවයද (Quality) අවශ්‍ය පරිදි සකස් කළ හැකිය. අවශ්‍ය නම් කෙළින්ම මුද්‍රණය කිරීමට කළ හැකිය.

අනෙකුත් දෙවල් මෙන් මෙයද අධ්‍යනය කිරීම මඟින් විශාල ප්‍රයෝජනයක් ගත හැකිය.

No comments:

Post a Comment