ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Wednesday, June 16, 2010

Ditto- Clip Board Manager.

කොපි පේස්ට් විධානයන් ඔබ බොහෝ විට පාවිච්චි කරයි. ඉතින් යමක් කොපි කරගත් විට එය තාවකාලිකව මතකයේ රුඳෙන බව ඔබ දන්නවා. නමුත් ඔබ වෙනත් දෙයක් කොපි කළ විට පෙර තිබූ දෙය මතකයෙන් ඉවත් වනවා. අද ඔබට මම මේ පෙන්වන කුඩා වැඩසටහනෙන් (Software) ඔබට ඔනෑ තරම් දේවල් මතකයේ තබාගෙන පසුව ඒවා අලවන්න (paste) පුළුවන්.
ඉතාමත් පහසුවෙන් මෙය පාවිච්චි කරන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ වැඩසටහන සථාපිත (Install) කරන එක විතරයි. ඉතින් සාමාන්‍ය විදියටම ඕන දෙයක් කොපි කරන්න පුලුවන්. ඒ කෙ වෙනසක් නෑ. සාමාන්‍ය විදියට පේස්ට් කරන්නත් පුළුවන්. එතකොට අළුතින්ම කොපි කරගත්ත එක පේස්ට් වෙනවා. කලින් කොපි කරපු එකක් පේස්ට් කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ, කොපි කරන්න ඔන තැන හෝ වින්ඩෝ එක හෝ ටෙක්ස්ට් බොක්ස් එක හෝ සිලෙක්ට් කරලා ALT යතුර ඔබාගෙන ` (ESC එකට කෙලින්ම යටින් තියෙන එක ~ මෙන්න මේ මාර්ක් එක තයෙන යතුර) ඔබන එක විතරයි. එතකොට රූපයේ විදියට කලින් කොපි කරපු ඒවා ලිස්ට් එකක්ම එනවා. ඊතල යතුරු (Arrow Keys) භාවිතා කරලා ඕන එක තොරගෙන එන්ටර් යතුර (Enter Key) ඔබන්න. එතකොට හරි.

මතක තියාගන්නග ඔබ රහස්‍ය දෙයක් කොපි කරනවානම් එය Ditto එකෙන් ඉවත් කරන්න මතක තියා ගන්න.

No comments:

Post a Comment